ලිවීම: ජොෂුවා පෙරේරා සංස්කරණය: ටිනීකා ද සිල්වා පරිවර්තනය: නිශාදි ගුණතිලක
ඔබ විසින් අසන ලද ප්රශ්නය:
22 වැනි සංශෝධනය යනු කුමක්ද? එය අපගේ වර්තමාන දේශපාලන වටපිටාව සහ එහි අනාගතය වෙනස් කරන්නේ කෙසේද?
අපගේ පිළිතුර:
වර්තමාන ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික හා දේශපාලන වටපිටාව බහුවිධ සාංකාවලින් සමන්විත වේ. අපගේ මීළඟ පියවර පිළිබඳව අපට ප්‍රශ්න මතු කරන බොහෝ ගැටලු අතර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය විශාල වශයෙන් ඉස්මතු වේ.
මෙම ලිපියෙන් ළඟදීම සිදුවීමට නියමිත 22 වැනි සංශෝධනය සහ එය වත්මන් දේශපාලන වටපිටාව තුළ ඇති කරන බලපෑම පිළිබඳව සාකච්ඡා කරනු ඇත. ඔබ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සංක්ෂිප්ත ඉතිහාසයක් පිළිබඳව උනන්දුවක් දක්වන්නේ නම්, Roar Media විසින් ඉදිරිපත් කර ඇති මෙම ලිපිය ප්‍රමාණවත් වේ.
වර්තමානයේ බලපෑම් ඇති කරන සංශෝධනය 22 වැනි සංශෝධනය ලෙස ලියාපදිංචි වේ. මෙයට හේතුව වන්නේ නිශ්චිත 21 වැනි සංශෝධනයක් නොමැති වීමයි.
විපක්ෂයේ සමගි ජන බලවේගය (SJB) 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කළ නමුත් එයට ඉඩක් නොලැබුණි. ශ්‍රේෂ්ඨාධිකරණය එහි වගන්තිවලට විරුද්ධ විය. එහි ප්‍රතිඵලයක් ලෙස, පෞද්ගලික මන්ත්‍රී කෙටුම්පතක් ලෙස ඉදිරිපත් කරන ලද ආචාර්ය විජයදාස රාජපක්ෂගේ යෝජිත කෙටුම්පත 22 වැනි සංශෝධනය ලෙස අයිතමගත කරන ලදි. 2022 මැයි මාසයේ විධායක ජනාධිපති ක්‍රමයට එරෙහි මහා පරිමාණ විරෝධතාවලින් පසුව කැබිනට් මණ්ඩලයට යෝජිත සංශෝධනය ලැබුණි. මන්ත්‍රීවරුන් 225 දෙනාගෙන් 179 දෙනෙකු පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය ලබාදෙන ලදි. පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර පනත් කෙටුම්පතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේය.
ඒ අනුව එය නුදුරේදීම 21 වැනි සංශෝධනය ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අමුණනු ඇති. එය මෙතැනින් කියවිය හැකිය.
22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ඇති ප්‍රධාන මතභේදය පැන නගින්නේ එය විසින් මතු කරන ප්‍රශ්න හරහායි. එය විධායක ජනාධිපති සහ පාර්ලිමේන්තුවේ අතර ඇති බල ගතිකත්වය කෙසේ යළි නිර්වචනය කරනු ඇති ද? මෙම සංශෝධන අනාගත ප්‍රතිපත්තිවලට කෙසේ බලපානු ඇති ද? එය ඉදිරි වසරවල දී රටට කෙසේ බලපානු ඇති ද?
මෙම සංශෝධනය විධායක ජනාධිපතිගේ බලතල සීමා කිරීම අරමුණු කරන අතර ඒ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව නැවත ප්‍රබෝධමත් කිරීම සහ ස්වාධීන කොමිෂන් සභාවල පරිපාලනය ලිහිල් කිරීම සිදුකරයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට සිවිල් සමාජ සාමාජිකයින් පත් කිරීම විපක්ෂ නායකවරයා විසින් අධීක්ෂණය කරනු ඇත.
අග්‍රාමාත්‍යවරයා, කථානායකවරයා, විපක්ෂ නායකවරයා, අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරයා විසින් තෝරා ගන්නා ලද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු සහ ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන තවත් එක් අමාත්‍යවරයෙකුගෙන් සභාව සමන්විත වේ. මීට අමතරව, ඔවුන් පහත සඳහන් පුද්ගලයින් ද එයට ඇතුළත් කරනු ඇත:
- ශ්‍රී ලංකා වෘත්තීයවේදීන්ගේ සංගමයේ (Organization of Professionals Association) සාමාජිකයෙකු,
- ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ (Chamber of Commerce) සාමාජිකයෙකු,
- විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් නම් කරන ලද රාජ්‍ය විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙකු.
නව ව්‍යවස්ථා සංශෝධනයට අනුව පාර්ලිමේන්තුව පත්වී වසර දෙකහමාරකින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයාට හිමිවනු ඇත.
මීට අමතරව, ස්වාධීන කොමිෂන් සභා කිහිපයක පත්කිරීම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ බලපෑම මත තීරණය වනු ඇත.
අගමැතිවරයා පත්කිරීම සහ නෙරපා හැරීම ජනාධිපතිවරයා විසින් අනුමත කිරීම මතභේදයට තුඩුදෙන කරුණකි. 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය ජනාධිපතිගේ බලතලවල ගතිකත්වයන් නැවත සකසනු ඇත. අග්‍රාමාත්‍යවරයා සේවයට නුසුදුසු යැයි තමන් සලකන්නේ නම් අග්‍රාමාත්‍යවරයාව බලයෙන් පහ කිරීමට ජනාධිපතිට ඇති හැකියාව එය සංශෝධනය කරනු ඇත. මෙය 20 වැනි සංශෝධනය යටතේ සිදුකරන ලද දෙයක් සංශෝධනය කිරීමකි.
20 වැනි සංශෝධනයෙන් පසු ඇතැම් කොමිෂන් සභා ක්‍රියාත්මක වෙමින් තිබුණ ද, ඒවායේ සාමාජිකයන් පත් කිරීමේ බලය ජනාධිපතිවරයාට ලබා දී තිබිණි. 22 වැනි සංශෝධනය යටතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශය මත ජනාධිපතිවරයාට මෙම කොමිෂන් සභාවල සභාපතිවරුන් සහ සාමාජිකයන් නම් කිරීමට අවසර ලැබේ.
කැබිනට් මණ්ඩලය සම්බන්ධයෙන් ගත් කල, එහි සංයුතිය මුළු වශයෙන් අමාත්‍යවරුන් 30 දෙනෙකු සහ කැබිනට් නොවන අමාත්‍යවරුන් 40 දෙනෙකු ලෙස දක්වා ඇත.
අමාත්‍යවරුන් පත්කිරීමේදී ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ උපදෙස් ගන්නා බව යෝජිත ව්‍යවස්ථාවේ සඳහන් වේ. කෙසේ වෙතත් එවැනි පත්කිරීම් අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡා කර සිදුකිරීමට නියමිත වේ. නව සංශෝධනය යටතේ ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් වන තීරණ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ බලය පෙරමුණ ගැනීමට නියමිතය. නව නීතියට අනුකූලව කැබිනට් හා කැබිනට් නොවන අමාත්‍යවරුන්ගේ සංයුතිය පාර්ලිමේන්තුව තීරණය කරනු ඇත.
ජනාධිපතිවරයාගේ බලතල ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඔබ්බට නොවිහිදෙනු ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කොමිෂන් සභා නවය පරිපාලනය කිරීමේ දී සහ ඒවාට අදාළ පත්වීම්වල දී ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරනු ඇත. රාජ්‍ය සේවා කොමිෂන් සභාව (PSC), ජාතික මැතිවරණ කොමිෂන් සභාව (NEC), ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව (HRCSL), විගණන සේවා කොමිෂන් සභාව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) සහ ජාතික පොලිස් කොමිෂන් සභාව (NPC) මේවාට ඇතුළත් වේ. ඉතිරි කොමිෂන් සභා තුන මූල්‍ය, සීමා නිර්ණය සහ ජාතික ප්‍රසම්පාදන කටයුතු අධීක්ෂණය කරනු ඇත.
සංශෝධනය යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ද්විත්ව පුරවැසිභාවය තබාගැනීමට තවදුරටත් අවසර නැත. ද්විත්ව පුරවැසිභාවය ඇති මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රී ධූර අහිමි වීමට නියමිත වේ. ඉදිරි මැතිවරණවල දී ද්විත්ව පුරවැසියන් නොසැලකෙනු ඇත.
දශක ගණනාවකින් දක්නට ලැබුණු නරකම සමාජ ආර්ථික හා දේශපාලන පෙරළිය හමුවේ 22 වැනි සංශෝධනය මීළඟ දේශපාලන චක්‍රය සඳහා වාතාවරණය සකසනු ඇත. මෙහි බරපතලකම සුළු කොට තැකිය නොහැකි බව ගෝඨාභය රාජපක්ෂ විසින් 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය අවභාවිත කිරීම ව්‍යසනකාරී ප්‍රතිඵල ලබා දුන් ආකාරයෙන් පෙනී යයි.
අපෙන් ප්‍රශ්න අසන්න!
ට්විටර්, ෆේස්බුක් හෝ ඉන්ස්ටග්‍රෑම් හි #AskWatchdog හෑෂ්ටෑගය භාවිත කර, අපට පෞද්ගලික පණිවුඩයක් යොමු කර හෝ එම සමාජ මාධ්‍ය තුළ අපව ටැග් කර ප්‍රශ්න අසන්න.