ශ්‍රී ලංකාවේ වෛද්‍ය අර්බුදය වෙනුවෙන් ආධාර කරන්නේ කෙසේ ද?

ශ්‍රී ලංකාවේ වෛද්‍ය අර්බුදය වෙනුවෙන් ආධාර කරන්නේ කෙසේ ද?

ඉදිරි මාස හය තුළ අපට ඖෂධ හා උපකරණ ඒකක මිලියන ගණනක් අවශ්‍ය වේ. මෙම ලිපිය තුළින් අපි Elixir හඳුන්වාදෙන අතර, ඔබට මේ වෙනුවෙන් උපකාර කළ හැකි ආකාරය ද දක්වමු.

@April 22, 2022

image
යුධංජය විජේරත්න විසිනි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය අන්වර් හම්දානිගේ, කාවින්ද්‍යා තෙන්නකෝන්ගේ, සර්වෝදයෙහි සහ හෙලානි ගල්පායගේ දායකත්වය ලබාගන්නා ලදි.  පරිවර්තනය නිශාදි ගුණතිලක විසිනි.

ශ්‍රී ලංකාව, ඖෂධ සහ උපකරණවල බරපතල හිඟයක් අත්විඳිමින් සිටී. රට පුරා සිටින වෛද්‍ය සේවකයෝ, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) වැනි වෘත්තීය සමිති සහ ජාත්‍යන්තර ප්‍රවෘත්ති ආයතන පවා මේ පිළිබඳව දිගින් දිගටම දැනුම් දෙමින් සිටියහ.

මෙම අර්බුදයට හේතුව සරල ය: ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා පද්ධතිය භාවිත කරන ඖෂධවලින් බහුතරයක් නිෂ්පාදනය කරනු ලබන්නේ වෙනත් රටවල ය. ජාතික ආර්ථික අවකළමනාකරණය, රෝහල්වලට අවශ්‍ය දේ සපයා ගැනීම දුෂ්කර කොට ඇත.

මෙම ලිපිය හරහා අපි ගැටලුව විස්තර කරන අතර, ඉන්පසුව මෙය විසඳා ගැනීමට උදව් කළ හැකි ආකාර පහක් ද ඔබට ලබා දෙන්නෙමු.

අපට අවශ්‍ය මොනවා ද?

අප මේ සඳහා මෘදුකාංගයක් නිර්මාණය කොට ඇත. එය Elixir ලෙස හඳුන්වනු ලබන අතර, එය ජාතික මට්ටමින් මෙන්ම එක් එක් රෝහල් මට්ටමකින් ඇති අවශ්‍යතා එකට ගොනු කරයි. ජාතික මට්ටමින්, සෞඛ්‍ය සේවා ආධාර කටයුතු සිදු කරන සෞඛ්‍ය අමාත්‍යාංශයේ සම්බන්ධීකාරක (Ministry of Health’s Coordinator for Health Care Donor Activities) විසින් අප වෙත එවන ලද නිල අවශ්‍යතා ලැයිස්තු අප සතුව ඇත.

image

රෝහල් මට්ටමින් ගත් කල, ඔබ ඉහත දකින රට පුරා ඇති ස්ථානවල පිහිටි රෝහල්වල දේශීය වෛද්‍ය කාර්ය මණ්ඩලය සෘජුවම අප වෙත එවූ දත්ත අප සතුව ඇත.

පහත දැක්වෙන්නේ මේ මොහොතේ දැඩිව අවශ්‍යව ඇති ඖෂධ කිහිපයක් දැක්වෙන පින්තූරයකි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ “හදිසි” ලැයිස්තුවෙහි ඖෂධ වර්ග 38 ක් ඇත.

මිලිග්‍රෑම් 200 සෝඩියම් වැල්ප්‍රොඒට් (Sodium Valproate) පෙති මිලියන 17.5 ක් අපට ඉතා තදින් අවශ්‍ය වේ. සෝඩියම් වැල්ප්‍රොඒට්, අපස්මාරය සහ ද්විධ‍්‍රැව අක්‍රමතාවට (bipolar disorder) ප්‍රතිකාර කිරීම සඳහා භාවිත කරයි.

ඊළඟට අපට පොටෑසියම් ක්ලෝරයිඩ් (Potassium Chloride) පෙති මිලියන 2.5 ක් අවශ්‍ය වේ — මෙය පුද්ගලයින්ගේ පොටෑසියම් මට්ටමට අඩු වීමට ප්‍රතිකාර කිරීමට මෙන්ම සමහර හෘද සැත්කම් සඳහා ද භාවිත කරන අතර හෘද සැත්කමකට මුහුණ දුන් පුද්ගලයින් සඳහා ඉන් පසුව නියම කරනු ලැබේ.

ඊළඟට මොනවා ද? ඉන්සියුලින් (Insulin) දියවැඩියාවට ප්‍රතිකාර කිරීමට භාවිත කරයි; ෆියුරොසමයිඩ් (Furosemide) — අධි රුධිර පීඩනය සහ ශරීරයේ තරල එකතුවීමට ප්‍රතිකාර කිරීම සඳහා භාවිත කරයි, විශේෂයෙන්ම හෘදයාබාධ හේතුවෙන් ඇතිවන ඒවා සඳහා; අක්මාව හා වකුගඩු සම්බන්ධ ගැටලු සඳහා ප්‍රතිකාර කිරීමට ද භාවිත වේ.

ඇලෝපුරිනෝල් (Allopurinol) — පාදශෝථය (gout) සහ වකුගඩුවල ගල් සඳහා ප්‍රතිකාර කිරීමට භාවිත කරයි. නොරැඩ්‍රනලීන් (Noradrenaline) — රුධිර පීඩනය ක්‍රමිකව පවත්වා ගැනීමට භාවිත කරයි. එනොක්සැපරින් (Enoxaparin) — රුධිරය කැටි ගැසීම වැළැක්වීමට උපකාරී වන ප්‍රති-කැටි ගැසීමේ කාරකයකි.

මෙය වඩාත්ම හදිසි ලැයිස්තුව පමණ යි. හදිසි නොවන ඖෂධ ඇතුළු සම්පූර්ණ ලැයිස්තුවේ (මේවා මෙම තත්ත්වය දිගින් දිගටම පැවතුනහොත් හදිසි විය හැකි දේවල් විය හැක) තවත් ඖෂධ වර්ග 278 ක් සහ උපකරණ වර්ග 112 ක් (කැතීටරයේ සිට IV බෑගයේ සිට endotracheal tube දක්වා සියල්ල) ඇත.

අපට neo-natal endotracheal tubes පවා අවශ්‍ය වේ — ඒවා ළදරුවන්ට හුස්ම ගැනීමට උපකාර කරන නල වේ.

ඉදිරි මාස හය තුළ රටට ඖෂධ හා උපකරණ ඒකක මිලියන ගණනක් අවශ්‍ය වේ.

https://elixir.watchdog.team/ වෙත පිවිසීමෙන් ඔබට සෑම ඉල්ලීමක්ම දැක ගත හැකිය. හැකි නම් පරිගණකයක් භාවිත කරන්න; Elixir හි ජංගම දුරකථන අත්දැකීම අපි තවමත් වැඩිදියුණු කරමින් සිටිමු.

ඔබ වෛද්‍ය නිලධාරියෙකු නම්, ඔබ සේවය කරන රෝහලේ යම් හිඟයක් ඇත්නම්, ඔබට Elixir තුළට නව ඉල්ලීමක් ඇතුළත් කළ හැකිය. අපි එය ප්‍රවේශමෙන් පරීක්ෂා කොට ඉන්පසුව සියලු දෙනාමට පෙනන පරිදි Elixir හි ප්‍රසිද්ධ කරන්නෙමු. එවිට ඔබේ අවශ්‍යතාව අන් අයට දැක ගත හැකි වනු ඇත.

Watchdog විසින් ආධාර බාර නොගන්නා බව ද, බිම් මට්ටමේ සංවිධාන කටයුතු සිදු නොකරන බව ද දැක්වීම වැදගත් වේ. අප කුඩා කණ්ඩායමක් වන අතර අපගේ මෙහෙයුම වන්නේ උසස් තත්ත්වයේ තොරතුරු සමාජය වෙත ගෙන ඒමයි. Elixir යනු වෛද්‍ය පද්ධතිය, මහජනතාව සහ මේ අවස්ථාවේ උදව් කළ හැකි ඕනෑම කෙනෙකු එකට යා කිරීමට අප ගත් උත්සාහය යි.

දැන් එහෙනම් වඩාත්ම වැදගත්ම ප්‍රශ්නය සලකා බලමු:

අප උපකාර කරන්නේ කෙසේ ද?

වෛද්‍ය සැපයුම් පිළිබඳව ඔබ එතරම් දැනුම්වත් නොමැති නම් ඔබ මුලින්ම තේරුම් ගත යුතු කරුණ වන්නේ අපට මේ දේවල් කෙලින්ම ෆාමසියකින් මිල දී ගෙන රෝහලකට බාර දිය නොහැකි බව යි.

අප කලින් පෙන්වා දුන් පරිදි, අපට අවශ්‍ය දේවලින් වැඩි ප්‍රමාණයක් මෙහි නිෂ්පාදනය නොවේ. Elixir හරහා අප එකතු කරගත් දත්ත අනුව අපට පෙනී යන්නේ ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය කරන්නේ 9.2% ක් පමණක් බව යි. ඉතිරිය, ඉන්දියාව, ස්විට්සර්ලන්තය, ජර්මනිය සහ සයිප්‍රසය, බංග්ලාදේශය, ඉන්දුනීසියාව, ඇමරිකා එක්සත් ජනපදය සහ ආර්ජන්ටිනාව ඇතුළු තවත් රටවල් ගණනාවකින් සපයනු ලැබේ.

ඉහත අවශ්‍ය ප්‍රමාණයන් ලබා දීම සඳහා ඔබට පහත දෑ කිරීමට අවශ්‍ය වනු ඇත:

1) එකවර මාත්‍රා ලක්ෂ ගණනක් ලබා දිය හැකි සැපයුම්කරුවෙකුගෙන් අයිතම ලබා ගැනීම.

2) ඒවා ශ්‍රී ලංකාවට නැව් ගත කරගැනීම.

3) රේගුවෙන් ඒවා නිදහස් කරගැනීම. මෙම ඖෂධවලින් බොහොමයක් පාලිත ද්‍රව්‍ය වන බැවින් ඒවායේ නැව්ගත තොග නිදහස් කරගැනීම සඳහා බලපත්‍ර ගණනාවක් අවශ්‍ය වේ. 4) සෘජුවම රෝහල්වලට හෝ සෞඛ්‍ය අමාත්‍යාංශයට හෝ සැපයීම.

බොහෝවිට ඔබට තේරුම් ගත හැකි පරිදි, ඔබට මෙම උත්සාහයට වෛද්‍යවරුන්, අවශ්‍ය හැකියාවන් සහ අවසරයන් ඇති සමාගම් සහ තානාපති කාර්යාල සම්බන්ධ කරගැනීම අවශ්‍ය වේ.

නමුත් වාසනාවට මේ පිළිබඳව ක්‍රියා කළ හැකි ආකාර කිහිපයක් ඇත.

අපි විවිධ විකල්ප, එකෙනෙකට එකක් සාපේක්ෂව දුෂ්කරතා අනුපිළිවෙල අනුව ලැයිස්තුගත කරන්නෙමු. ඔබ ලැයිස්තුවේ පහළට යන විට, සංවිධාන කටයුතු වඩාත් සංකීර්ණ වේ; නමුත් ඔබට එම විකල්පයන් ක්‍රියාත්මක කළ හැකි නම්, ඔබට ඇති කළ හැකි බලපෑම වැඩි විය හැකි ය.

පළමු විකල්පය: සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ඍජුවම මුදල් පරිත්‍යාග කිරීම

පරිත්‍යාග කිරීමට ඉල්ලමින් moh.covid.coordinator@gmail.com වෙත සෘජුවම ලියන්න.

ඔව්, එම විද්‍යුත් තැපෑල Gmail එකක්. ඔව්, එය කිසිසේත්ම රජයේ එකක් සේ නොපෙනෙන බව අපි දනිමු. නමුත් අප ඔවුන් සමඟ එය පරීක්ෂා කොට සත්‍යාපනය කරගෙන ඇත. එම විද්‍යුත් ලිපිනය බලන්නේ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ Covid-19 සහ සෞඛ්‍ය සේවා ආධාර කටයුතු බාර සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි. සාමාන්‍යයෙන්, අපි මෙහි බැංකු ගිණුමක් ඇතුළත් කරන්නෙමු, නමුත් බැංකු ගිණුම් තවමත් පිහිටුවමින් ඇති බව පෙනේ.

ඔබ සැලකිය යුතු පරිත්‍යාගයක් කිරීමට හැකි තත්ත්වයක සිටින බව සහතික කර ගන්න; උදාහරණයක් ලෙස, හිඟ අයිතමයක් සම්පූර්ණයෙන් හෝ එහි විශාල කොටසක් හෝ ඔවුන්ගේ ලැයිස්තුවෙන් ඉවත් කිරීම එලදායී යි. රුපියල් දහසක් පරිත්‍යාග කිරීමට විද්‍යුත් ලිපියක් යැවීම සෑම කෙනෙකුගේම කාලය නාස්ති කිරීමක් වනු ඇත.

ඔවුන් අපට Elixir වෙත ඇතුළත් කිරීමට දත්ත එවනු ලැබේ, ඒ නිසා අපි ඔවුන්ගේ අවශ්‍යතා හැකිතාක් යාවත්කාලීනව තබා ගන්නෙමු.

දෙවන විකල්පය: සර්වෝදය වෙත සෘජුවම මුදල් පරිත්‍යාග කිරීම

සර්වෝදය යනු ශ්‍රී ලංකාවේ මෙතෙක් කල් පැවති විශාලතම බිම් මට්ටමේ සංවිධානයකි. 1958 දී A. T. ආරියරත්න විසින් ආරම්භ කරන ලද සර්වෝදය ජාලය, 2006 වන විට අවම වශයෙන් ශ්‍රී ලංකාවේ ගම්මාන 38,000 න් 15,000 ක් පුරාවට ව්‍යාප්ත වී පැවතිණි. මිලියන 11 ක ජනතාවක් යම් සර්වෝදය වැඩසටහනක හෝ අනිකක ප්‍රතිලාභීන් වී ඇති බවට ඇස්තමේන්තු කොට ඇත. 2004 සුනාමි ව්‍යසනයෙන් පසු ඔවුන් නිවාස 1000 කට අධික ප්‍රමාණයක් ඉදිකර ඇත.

මෙය සර්වෝදය ප්‍රචාරණ ව්‍යාපාරයක් නොවේ. මෙම විස්තර අප සඳහන් කළේ අප එය නිර්දේශ කරන්නේ මන්දැයි පැහැදිලි කිරීමක් ලෙසයි. මේ දක්වා අප දුටු,

අ) අපට අවශ්‍ය පරිමාණයෙන් බෙදා හැරීමේ හැකියාව සහ

ආ) බිම් මට්ටමේ සංවිධාන සහ සම්බන්ධීකරණ කටයුතු කිරීමට දැනමත් පහසුකම් ඇති

එකම රාජ්‍ය නොවන සංවිධානය ඔවුන් ය.

අප ඔවුන් සම්බන්ධ කොට ගෙන, වෛද්‍ය ප්‍රතිසම්පාදන ක්‍රියාවලියෙහි සෘජුව යෙදෙන පුද්ගලයින් සමඟ ඔවුන්ගේ මෙහෙයුම් ක්‍රියාපටිපාටි සත්‍යාපනය කොට ගෙන ඇත. ඔවුන් රට පුරා දිස්ත්‍රික් මධ්‍යස්ථාන 25 ක් පවත්වාගෙන යන අතර රට පුරා රෝහල් වෙත ඍජුවම දේවල් ගෙනයාමට අවශ්‍ය පහසුකම් ඔවුන් සතුව ඇත. ඔවුහු අපට Elixir වෙත දත්ත එක් කිරීමට ද උදවු කරති.

ඔවුන්ට පරිත්‍යාග කිරීමට ක්‍රම තුනක් ඇත:

චෙක්පත් සහ මුදල් ඇණවුම් (ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය තුළ)

ශ්‍රී ලංකාව තුළ ඔබට චෙක්පතක් යැවීමට ලියාපදිංචි තැපෑල භාවිත කළ හැකිය (නැතිනම් පුද්ගලිකව කාර්යාලය වෙත පැමිණිය හැකිය):

  • සර්වෝදය මූලස්ථානය, #98, රාවතාවත්ත පාර, මොරටුව, ශ්‍රී ලංකාව.

ඇමරිකා එක්සත් ජනපදය තුළ ඔබට පහත ලිපිනයට චෙක්පතක් යැවිය හැක:

  • Sarvodaya USA, 1127 University Ave, Madison, WI 53715 USA. Sarvodaya USA යනු 501(c)3 බදුවලින් නිදහස්, ලාභ නොලබන සංවිධානයකි.

මෙම ආයතන දෙකම ඔබේ පරිත්‍යාගය වෙනුවෙන් රිසිට්පත් ලබා දෙනු ඇත.

PayPal (ජාත්‍යන්තර)

https://sarvodayausa.org/donations/donate/ හරහා ආධාර කරන්න. එම මුදල් සර්වෝදය USA වෙත ලැබෙන අතර ඒ හරහා සර්වෝදයට ඒවා භාවිත කරන්න පුළුවන්.

විද්‍යුත් මාරු කිරීම් (wire transfers)

දේශීය පරිත්‍යාග සඳහා:

කොමර්ෂල් බෑන්ක් ඔෆ් සිලෝන් පීඑල්සී (Commercial Bank of Ceylon PLC) ගිණුම් අංකය: 2590026974 මුදල් ඒකකය: ශ්‍රී ලංකා රුපියල් (LKR) බැංකු ලිපිනය: අංක 766, ගාලු පාර, ඉඩම, මොරටුව, ශ්‍රී ලංකාව. Swift කේතය: CCEYLKLXXXX

විදේශ මුදල් ඒකකවලින් සිදුකරන පරිත්‍යාග සඳහා:

කොමර්ෂල් බෑන්ක් ඔෆ් සිලෝන් පීඑල්සී (Commercial Bank of Ceylon PLC) ගිණුම් අංකය: 1590008015 මුදල් ඒකකය: ඇ. ඩො. (USD) බැංකු ලිපිනය: අංක 766, ගාලු පාර, ඉඩම, මොරටුව, ශ්‍රී ලංකාව. Swift කේතය: CCEYLKLXXXX

2022 මාර්තු 11 වන දින සිට රට තුළට පැමිණෙන සියලුම විදේශ මුදල් ඉතා වේගයෙන් භාවිත නොකළහොත් රුපියල් බවට පරිවර්තනය කෙරෙන බව මතක තබා ගන්න (2270/66 දරන “අපනයන ඉපැයීම් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම” නම් ගැසට් පත්‍රය බලන්න). මෙය ශ්‍රී ලංකාව තුළ සිට ඇමෙරිකානු ඩොලර්වලින් දේවල් මිල දී ගැනීම අතිශයින් දුෂ්කර කරන හෙයින් මෙය වඩාත්ම ප්‍රශස්ත විකල්පය නොවිය හැක.

තෙවන විකල්පය: ජාත්‍යන්තර අරමුදල් රැස්කරන්නන්ට පරිත්‍යාග කිරීම*

*ඔවුන් කරන්නේ කුමක්දැයි දන්නා පුද්ගලයින්ගෙන්

අරමුදල් රැස් කිරීම දැන් දුෂ්කර මාතෘකාවකි. ඉතා ප්‍රසිද්ධියට පත් වූ 2019 පාස්කු ඉරිදා ප්‍රහාරය සඳහා අරමුදල් රැස්කළ ඉන්ස්ටග්‍රෑම් මත සාදන්නා (influencer) සම්බන්ධ අපකීර්තිමත් සිදුවීම අන්තර්ජාල අරමුදල් රැස්කරන්නන් කෙරෙහි ඇති විශ්වාසය බරපතල ලෙස විනාශ කරන ලදි.

දෙවනුව, ඖෂධ ලබා ගැනීම මූලික දුෂ්කරතාවයක් ලෙස පවතී. එය බලධාරීන්ගෙන් අවසර සහ අධික සංවිධාන සහ සම්බන්ධීකරණ කටයුතු අවශ්‍ය වන ක්‍රියාවලියකි.

එබැවින්, අනතුරු ඇඟවීම් අදාළ වේ: මෙම ජාත්‍යන්තර අරමුදල් රැස්කරන්නන් කිසිවෙකු ඔබේ මුදල් රැගෙන පැන නොයන බවට අපට සහතික විය නොහැක. අපට පැවසිය හැකි පරිදි, ඒවා නීත්‍යානුකූල සහ සුජාත ය. නමුත් අපට මෙම අරමුදල් රැස්කරන්නන් දේශීය සංවිධාන පරීක්ෂා කළ හැකි මට්ටමට පරීක්ෂා කළ නොහැකි අතර, ඔබට ඔබේ මුදල් අහිමි වුවහොත් අප වගකියනු නොලැබේ.

අනතුරු ඇඟවීම කර අවසන් නිසා අප මෙය දක්වන්නම්:

  • GoFundMe හි මදු සෙල්වකුමාර්ගේ අරමුදල් රැස්කිරීම. එක්සත් රාජධානියෙහි පිහිටා ඇති අතර ශ්‍රී ලංකා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය (Sri Lanka College of Paediatricians), ශ්‍රී ලංකා පරාජන්ම විද්වත් සංගමය (Perinatal Society of Sri Lanka) සහ නිර්වින්දන සහ දැඩිසත්කාර විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය (College of Anaesthesiologists and Intensivists) වෙත සෘජුවම මුදල් පරිත්‍යාග කරයි.
  • ටාටා අනුස්මරණ මධ්‍යස්ථානය (ඉන්දියාව) tmc.gov.in හරහා අරමුදල් රැස් කරයි. පරිත්‍යාග කිරීමට, ඔවුන්ගේ වෙබ් අඩවියට ගොස් "රෝගී සත්කාර” (Patient Care) කාණ්ඩය යටතේ පරිත්‍යාග කරන්න; අනතුරුව එම පරිත්‍යාගය ශ්‍රී ලංකාවේ සුබසාධනය සඳහා බව සඳහන් කරමින් fundraising@tmc.gov.in වෙත ncg@tmc.gov.in CC කරමින් විද්‍යුත් ලිපියක් යවන්න.

හතරවන විකල්පය: (දේශීයව) ඖෂධ මිල දී ගෙන සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත යැවීම

ඔබ දැනගත යුතු පළමු කරුණ නම් ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) පවතින බව යි. ඔවුන් ඖෂධ, වෛද්‍ය උපකරණ, සීමාස්ථ නිෂ්පාදන, සායනික පරීක්ෂණ සහ රූපලාවන්‍ය ද්‍රව්‍ය නියාමනය කරන අතර ඖෂධ අවශ්‍ය ප්‍රමිතීන් සපුරාලන බවට වග බලා ගනී. ඔබ, NMRA විසින් අනුමත ඖෂධ, ආනයනය කිරීමට සුදුසුකම් ඇති බවට NMRA විසින් සලකන සමාගම්වලින් ලබා ගත යුතුය.

මෙහි දී Elixir ඔබට සහය වෙයි.

1) ඉල්ලීම් බැලීමට elixir.watchdog.team වෙත යන්න.

ඉල්ලීම් ඇතුළත් කළ විට, Elixir එම ඖෂධ ආනයනය කරන සියලුම දේශීය ආනයනකරුවන් සොයා ගැනීම සඳහා NMRA හි අනුමැතිය ලද ආනයනකරුවන්ගේ ලැයිස්තුව පරීක්ෂා කරයි.

එය නම, වර්ගය සහ මාත්‍රාව සඳහා ආසන්නතම ගැලපීම සොයනු ඇත - උදාහරණයක් ලෙස එය, 'Vecuronium Bromide Inj. 10mg vial' යන්න කියවා NMRA ලැයිස්තුවේ 10mg කුප්පි නොමැති නම්, 4mg/2ml Vecuronium Bromide කුප්පි ලබා ගත හැකි සැපයුම්කරුවෙකු වෙත ඔබව යොමු කරනු ඇත. ඖෂධවලට අදාළ දේශීය ආනයනකරුවන් කවුරුන්දැයි සොයා ගැනීමට මෙය ඔබට ඉඩ සලසයි.

2) Elixir හි ප්‍රතිඥාවක් ඇතුළත් කිරීම. ප්‍රතිඥා යනු ඔබ යම් ඉල්ලීමක් සපුරනු ඇති බවට පුද්ගලයින්ට සහතික වීමට ඇති පහසු ක්‍රමයකි. මෙසේ ප්‍රතිඥා දීම සඳහා ඕනෑම ඉල්ලීමක් වෙත ගොස් ‘Add to pledge’ යන්න ක්ලික් කරන්න. එවිට මෙම අයිතම ඔබේ ප්‍රතිඥාවට ඇතුළත් වන අතර ඔබට ඒවා ‘My Pledge’ කොටසින් බලාගත හැකිය. ඔබේ විස්තර ඇතුළත් කළ පසු ඔබේ ප්‍රතිඥාව වාර්තා වේ.

image

මෙමගින් Elixir භාවිත කරන පුද්ගලයන්ට කුමන අවශ්‍යතා සැපිරෙන්නේ ද යන්න දැනගත හැකිවනු ඇත. උදාහරණයක් ලෙස, ඔබට යම් වර්ගයක පෙති x මිලියන ගණනක් සැපයීමට හැකි නම්, ඒ බව අනෙකුත් ආධාරකරුවන්ට (එමෙන්ම සර්වෝදය වැනි සංවිධානවලට) දැකගත හැකිවන අතර එවිට ඔවුන් එම ඖෂධය හැර වෙනත් ඖෂධ සපයාගැනීම කෙරෙහි අවධානය යොදන හෙයින් අපට අපතේ යාම් වළකාගත හැකිය.

3) ආනයනකරුවන් සම්බන්ධ කොට ගෙන අනුප්‍රේෂිතයක් (consignment) ලෙස පරිත්‍යාග කිරීමට ඖෂධ සඳහා ගෙවීම. ඔබට ඖෂධ තොගයක් අවශ්‍යතාවය ඇති රෝහලක් වෙත ඍජුවම හෝ නැතිනම් සෞඛ්‍ය අමාත්‍යංශය වෙත හෝ නැව්ගත කරන්න පුළුවන්. අනුප්‍රේෂිත ලාභියාගේ ලිපිනය: ලේකම්, සෞඛ්‍ය අමාත්‍යංශය, 385, පූජ්‍ය. බද්දේගම විමලවංශ හිමි මාවත, කොළඹ 10.

4) ඊළඟට අනුප්‍රේෂිතයට අදාළ විස්තර  moh.covid.coordinator@gmail.com හරහා යවන්න.

ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනවා ඇති යමක් නිදහස් කර ගැනීමට සපුරාලිය යුතු ක්‍රියාපටිපාටි සලකා බලන කල, අවම වශයෙන් පහත දැක්වෙන දෑ අපි යෝජනා කරන්නෙමු.

  • නිෂ්පාදනයේ නම, ප්‍රමාණය සහ නිෂ්පාදකයා (හැකි නම්) සහ ඔබ එය එවන්නේ කුමන සැපයුම්කරු හරහා ද යන්න දැක්වෙන ලියුමක්.
  • නාමික (pro forma) හෝ වාණිජ හෝ ඉන්වොයිසිය (invoice) - ඉන්වොයිසියේ අංකය සහ නාමික වටිනාකම ඔබේ ලියුමට ඇතුළත් කරන්න.
  • නිෂ්පාදනයේ පිටත ඇසුරුමේ/ලේබලයෙහි ස්කෑන් ගත කළ පින්තූරයක්, නිෂ්පාදනයේ නම සහ ප්‍රමාණ ඇතුළත්ව.

පස්වන විකල්පය: (ජාත්‍යන්තර වශයෙන්) ඖෂධ මිල දී ගෙන සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත යැවීම

ඔබ මෙම මාර්ගයේ යන්නේ නම්, මෙයින් අදහස් කරන්නේ ඔබ කරුණු කිහිපයක් පෙළගස්වා ගත යුතු බවයි:

1) elixir.watchdog.team හි ඇති ලැයිස්තු දෙස බලා යම් රටක සිටින අවශ්‍ය ඖෂධවල සැපයුම්කරුවන් හඳුනාගත හැකි වෛද්‍යවරුන්/ඖෂධවේදීන්/සෞඛ්‍ය සේවකයින්. US FDA, EMA, MHRA හෝ TGA Australia වැනි පිළිගත් නියාමන ආයතන මගින් ලියාපදිංචි කර ඇති නිෂ්පාදන මිල දී ගැනීමට උත්සාහ කරන ලෙස NMRA ඔබට නිර්දේශ කරයි.

2) මෙම සැපයුම්කරුවන්ට මුදල් ගෙවා මෙම ද්‍රව්‍ය ලබාගැනීමට ඇති හැකියාව.

3) මෙම ඖෂධ ආරක්‍ෂිත සහ නීත්‍යානුකූල ලෙස ශ්‍රී ලංකාවට නැව්ගත කිරීමට හැකි සමාගම්.

4) තානාපති කාර්යාල අතර දැනහැඳුනුම්කම්; ඇත්තටම ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ හෝ මෙහි ක්‍රියාත්මක වන ඔබේ රටේ තානාපති කාර්යාලයක් තුළ හෝ සිටින අයෙකු ඉතා හොඳින් දැනහඳුනන්නේ නම් එය ඉතා ප්‍රයෝජනවත් වේ. වියාචනය: මෙය ඔබට නිල උපදෙස් අතර දැකගත හැකිවන යමක් නොවේ. නමුත් එය ආධාර දාමයේ විවිධ පුරුක්වල සිටින පුද්ගලයන්ට කතා කිරීමෙන් අප තේරුම්ගත් දෙයකි.

5) අවසන් පුරුක්. අවසන් පුරුක් යන්නෙන් අප අදහස් කරනුයේ මෙම ඖෂධ, රේගුව තුළින් නිදහස් කොටගෙන සෞඛ්‍ය අමාත්‍යංශය දක්වා අවසන් බාර දීම සිදුකළ හැකි අය වේ.

අවසන් පුරුක - පළමු විකල්පය

සර්වෝදය අමතන්න. NMRA සහ රේගු අවසරයන් ලබා ගැනීමට සහ රෝහල් වෙත බෙදා හැරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ සම්බන්ධීකරණය කිරීමට ඔවුන්ට ඔබ හා සම්බන්ධ විය හැක.

Manu_tissera@yahoo.com හරහා මනු තිසේරා හෝ +94 11 264-7159 හරහා සර්වෝදය ප්‍රධාන කාර්යාලය හෝ සම්බන්ධ කරගන්න (ලිපිනය: ලංකා ජාතික සර්වෝදය ශ්‍රමදාන සංගමය, අංක 98, රාවතාවත්ත පාර, මොරටුව, ශ්‍රී ලංකාව).

අවසන් පුරුක - දෙවන විකල්පය

ඔබේම දේශීය ජාලයක් සමඟ වැඩ කරන්න. ආධාර ලෙස ලැබුණු වෛද්‍ය නිෂ්පාදන නිදහස් කිරීමට NMRA හට මෙම ලේඛන අවශ්‍ය වන බව මතක තබා ගන්න:

  • නිෂ්පාදනයේ නම, ප්‍රමාණය සහ නිෂ්පාදකයා (හැකි නම්) සහ ඔබ එය එවන්නේ කුමන සැපයුම්කරු හරහා ද යන්න දැක්වෙන ලියුමක්.
  • නාමික (pro forma) හෝ වාණිජ හෝ ඉන්වොයිසිය (invoice) - ඉන්වොයිසියේ අංකය සහ නාමික වටිනාකම ඔබේ ලියුමට ඇතුළත් කරන්න.
  • නිෂ්පාදනයේ පිටත ඇසුරුමේ/ලේබලයෙහි ස්කෑන් ගත කළ පින්තූරයක්, නිෂ්පාදනයේ නම සහ ප්‍රමාණ ඇතුළත්ව.

ක්‍රියාවලියෙහි ඉතිරි කොටස දේශීය ආධාරකරුවන් සඳහා ඉහත දක්වන ලද ක්‍රියාවලියම යි. ඉල්ලීම් මොනවා දැයි බලන්න, ඉල්ලීම්වල ඇති අයිතම ඇතුළත් කරමින් Elixir හි ප්‍රතිඥාවක් දෙන්න, ඒ හරහා අනෙක් පුද්ගලයන්ට ඔබ එක් ඉල්ලීම් කාණ්ඩයක් සැපිරීමේ වගකීම බාර ගන්නා බව දන්වන්න.

ඔබ එවිය යුතු අනුප්‍රේෂිත ලාභියාගේ ලිපිනය දේශීය පරිත්‍යාග හා සමාන වේ:

මෙහිදී ත්, ඔබට ඍජුවම රෝහලක් වෙත හෝ නැතිනම් සෞඛ්‍ය අමාත්‍යංශය වෙත හෝ පරිත්‍යාග කරන්න පුළුවන්. ලේකම්, සෞඛ්‍ය අමාත්‍යංශය, 385, පූජ්‍ය. බද්දේගම විමලවංශ හිමි මාවත, කොළඹ 10.

NMRA අනුමැතිය පිළිබඳ විමසීම් සඳහා, කරුණාකර +9471 081 8548 අංකය හරහා NMRA හි ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය සවීන් සේමගේ අමතන්න. ඔබට ලිපි ලේඛන සහ ඉල්ලීම් dg@nmra.gov.lk වෙත එවිය හැක.

ඔබ වෛද්‍ය සේවකයින් සිටින එකමුතුවක කොටස්කරුවෙකු නම් විශේෂයෙන්ම අවසන් විකල්ප සලකා බලන්න. එසේ නොමැති නම් අප යෝජනා කරන්නේ මුල් විකල්ප තුනට සීමා වෙන ලෙසයි. ඔබට අප ඉහත යෝජනා කර ඇති කුමන හෝ දෙයක් කරන ආකාරය පිළිබඳව වැඩිදුර උදව් අවශ්‍ය නම් (ඉල්ලීමක් ඇතුළත් කිරීම, ප්‍රතිඥාවක් දීම වැනි) අප නිර්මාණය කළ පහත දැක්වෙන කෙටි වීඩියෝව නරඹන්න:

පාදසටහන්

අපගේ ජාතික සෞඛ්‍ය සේවා පද්ධතිය සියලුම පුරවැසියන් සඳහා නොමිලයේ සැපයෙන පොදු සේවාවකි. රාජ්‍ය වියදම්වලින් සාපේක්ෂ වශයෙන් ඉතා සුළු කොටසක් පමණක් භාවිත කරමින් එය ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය දර්ශක සංවර්ධිත ලෝකය සමඟ සංසන්දය කළ හැකි මට්ටමක තබාගෙන ඇත. රටට කුමන දේශපාලන අර්බුදයක් ආවත් වෛද්‍ය කාර්ය මණ්ඩලය දශක ගණනාවක් තිස්සේ ජීවිත බේරාගනිමින් ඇත.

සෞඛ්‍ය ප්‍රමිතික සහ ඇගයීම් ආයතනයෙන් (Institute for Health Metrics and Evaluation): ආබාධිත-ගැළපුම් කළ ජීවිත වර්ෂය (DALYs), සමස්ත රෝග බර මැනීමේ මිනුමක් වන අතර, අයහපත් සෞඛ්‍යය, ආබාධිත තත්ත්වය හෝ ඉක්මන් මරණය හේතුවෙන් අහිමි වූ වසර ගණන ලෙස ප්‍රකාශ වේ. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දළ වශයෙන් ඕස්ට්‍රේලියාව, ස්පාඤ්ඤය සහ ප්‍රංශය සමඟ සැසඳිය හැකිය.
සෞඛ්‍ය ප්‍රමිතික සහ ඇගයීම් ආයතනයෙන් (Institute for Health Metrics and Evaluation): ආබාධිත-ගැළපුම් කළ ජීවිත වර්ෂය (DALYs), සමස්ත රෝග බර මැනීමේ මිනුමක් වන අතර, අයහපත් සෞඛ්‍යය, ආබාධිත තත්ත්වය හෝ ඉක්මන් මරණය හේතුවෙන් අහිමි වූ වසර ගණන ලෙස ප්‍රකාශ වේ. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දළ වශයෙන් ඕස්ට්‍රේලියාව, ස්පාඤ්ඤය සහ ප්‍රංශය සමඟ සැසඳිය හැකිය.

මෙය සිදු වූයේ ඇයි සහ කෙසේ ද යන්න අපගෙන් දිගින් දිගටම අසන ප්‍රශ්න කිහිපයකි. කවුරුත් මේ දේ වෙන බව දැක්කේ නැද්ද? ඇත්තටම අපි දේවල් මෙච්චර දුර යන්න දුන්න ද?

අප සතුව දැනට මේවාට පිළිතුරු නොමැත; එසේත් නැතිනම්, මේ ප්‍රශ්න සඳහා පිළිතුරු සෙවීමට අපට දැන් ශක්තියක් නොමැත. අප ජීවත් වන්නේ විදුලියේ සිට සෞඛ්‍ය සේවා දක්වා පද්ධති කඩාවැටුණු තත්ත්වයක ය. අමාරු ප්‍රශ්න පසුව අසමු. ක්ෂණික ප්‍රමුඛතාවය වන්නේ අපව රැකබලා ගන්නා මෙම පද්ධතිය දැන් අප සියලුදෙනා එකතු වී රැකබලා ගැනීම යි.

Elixir අවශ්‍ය තාක් කල් ක්‍රියාත්මක වනු ඇත.

ඔබට හැකි දේ කරන්න. අපත් අපේ උපරිමය කරන්නම්.

The data for the visualisations in this piece.

Medicine requests, urgent

Generic NameBrand NameImporterQuantity
Sodium nitroprusside Inj. 50mg Sodium Nitroprusside for Injection BP/USP 50mg
200
Cholecalciferol tablet 5000 IU (Colecalciferol) Colecalciferol Tablet BP 5000 IU
50000
Total Parenteral Nutrition in500ml ¿1,500ml collapsible bag Total Parenteral Nutrition in 500ml-1,500ml multiple component in collapsible bag (central or peripheral)
6250
Desferrioxamine Inj. 500mg DESFERRIOXAMINE MESYLATE FOR INJECTION USP 500MG
DEMOFERIDONE
Access International (Pvt) Ltd
112500
Calcium polystyrene sulphonate15g-17g powder sachet CALCIUM POLYSTYRENE SULPHONATE POWDER 15G SACHETS
K-STRYN
George Steuart Health (Pvt) Ltd
30000
Filgrastim Inj 300mcg in0.5ml/1ml, PFS/vial FILGRASTIM INJECTION 300MCG IN 1ML
NEUTROMAX
Slim Pharmaceuticals (Pvt) Ltd
42500
Potassium Chloride Tab. 600mg POTASSIUM CHLORIDE EXTENDED RELEASE 600MG
ALKAY ER
Kamazu (Pvt) Ltd
2500000
Pethidine hydrochloride Inj.75mg PETHIDINE INJECTION B.P 75MG/ 1.5ML
VERPAT 75
Leader Pharma Agency (Pvt) Ltd
45000
Morphinesul.Inj.(Presvat.free) 2mg/2ml Morphine Sulphate injection BP,(preservative free) 2mg in 2ml
1050
Potassium chloride Injection 15 % in 10ml Ampoule STERILE POTASSIUM CHLORIDE CONCENTRATE BP 15% W/W
***
Yaden International (Pvt) Ltd
117500
Liposomal Amphotericin B injection 50mg for I.V. use Liposomal form of Amphotericin B 50 mg vial
6250
Dobutamine Inj. 250mg/20ml DOBUTAMINE HYDROCHLORIDE 12.5MG/ML
DOBUTAMINE
Akbar Pharmaceuticals (Pvt) Ltd
37500
Enoxaparin Inj.60mg/0.6mlPF.Syringe ENOXAPARIN SODIUM 60MG/0.6ML
CUTENOX
ABC Pharma Services Pvt. Ltd
250000
Sodium valproate Tab. 200mg SODIUM VALPROATE TABLETS BP 100MG GASTRO RESISTANT
***
Novachem Lanka (Pvt) Ltd
17500000
Fentanyl Injection100microgram in 2ml FENTANYL CITRATE INJECTION 0.1MG/2ML
DOMSUPP
Slim Pharmaceuticals (Pvt) Ltd
180000
Fludrocortisone tablet 0.1mg FLUDROCORTISONE ACETATE TABLETS USP 100MCG
FLUDRICORT
Yaden International (Pvt) Ltd
50000
Bipha.Isoph.Insulin(Human)Inj. 30/70 BIPHASIC ISOPHANE INSULIN 30/70 BIOSYNTHETICE HUMAN INSULIN INJ. 1000IU/1ML
MIXTARD 30 PENNFILL
Sunshine Healthcare lanka Ltd
900000
Chlorpheniramine MaleateInj.10mg/1ml CHLORPHENAMINE INJECTION BP 10MG/ML
***
Ceyoka (Pvt) Ltd
60000
Propylthiouracil tablet 50mg PROPYLTHIOURACIL TABLETS BP 50MG
PTU
Pettah Pharmacy (Pvt) Ltd
62500
Phenytoin sodium Inj. 250mgin 5ml PHENYTOIN INJECTION BP 50MG/ML
VERTOIN
Leader Pharma Pvt Ltd
12000
Ergometrine maleate inj.500mcg/1ml amp ERGOMETRINE INJECTION BP 0.5MG IN 1ML
***
Ceyoka (Pvt) Ltd
8750
Enoxaparin Inj.40mg/0.4ml PF.Syringe ENOXAPARIN SODIUM INJECTION USP 40MG/0.4ML
CUTENOX
ABC Pharma Services Pvt. Ltd
200000
Ephedrine Inj. 30mg/1m amp. EPHEDRINE INJECTION BP 30MG/ML
VEREPHE
Leader Pharma Pvt Ltd
45000
Allopurinol tablet.100mg ALLOPURINOL TABLETS BP 100MG
HILAC
MAPS Pharma (Pvt) Ltd
900000
Vecuronium bromide Inj. 10mgvial VECURONIUM BROMIDE FOR INJECTION 4MG/2ML
*****
Ceyoka (Pvt) Ltd
8750
Noradrenaline Inj. 4mg/2ml NORADRENALINE INJECTION BP 4MG/2ML
***
Yaden International (Pvt) Ltd
300000
Tetanus toxoid vaccine 0.5ml(SD) amp TETANUS TOXOID VACCINE ADSORBED 40 IU in 0.5ML
***
Citihealth Imports (Pvt) Ltd
200000
Pancuronium bromide inj.4mg/2ml Pancuronium Injection BP, 4mg/2ml
1750
Lignocaine 2% + Adrenalin inj. 30ml vial LIGNOCAINE HYDROCHLORIDE GEL IP 2% w/w
CIROCATINE GEL
Ceyoka (Pvt) Ltd
45000
Calcium gluconate 10%, Inj.10ml CALCIUM GLUCONATE INJECTION 10% W/V
***
B Braun Lanka (Pvt) Ltd
75000
Morphine sulphate Inj. 15mg MORPHINE SULPHATE INJECTION BP 15MG/ML
VERMOR 15
Leader Pharma Agency (Pvt) Ltd
150000
Vasopressin Inj. 20 I.U./1mlampoule VASOPRESSIN INJECTION IP 20 UNITS/ML
VASMED
Klintas (Pvt) Ltd
5500
Midazolam inj. 5mg/1ml amp MIDAZOLAM TABLETS 7.5MG
DORMICUM
A Baur & Co (Pvt) Ltd
225000
Bupivacaine 0.5%+Glucose 8% in 4ml inj BUPIVACAINE HYDDROHLORIDE IN DEXTROSE INJECTION USP 0.5%
SAKAINE
Ceyoka (Pvt) Ltd
68750
Vancomycin Inj. 500mg vial VANCOMYCIN HYDROCHLORIDE FOR INJECTION USP 500MG
VAN-CP 500
PTC MEDIACL (PVT) LTD
48000
Furosemide (Frusemide) Inj.20mg/2ml FUROSEMIDE INJECTION BP 20MG/2ML
FRUSEX
Nation Pharma (Pvt) Ltd
625000
Furosemide oral solution USP 20mg/5ml, 150ml bottle
749
HEPARIN INJECTION BP 25,000 IU/5ML
RINHEPA 25
Klintas (Pvt) Ltd
75000

Medical requests, non-urgent

Generic NameBrand NameImporterQuantity
Paraffin yellow softWHITE SOFT PARAFFIN CREAM 0.2%
EMODERM
Glaxo Wellcome (Ceylon) Ltd
22833333
Prazosin HCl Tab. 1mgPRAZOSIN TABLLETS BP IMG
PRAZORIGHT
Chamee Chemist
15004191
Amlodipine Besylate Tab. 5mgAMLODIPINE BESYLATE TABLETS 5MG
STAMLO 5
Emerchemie NB (Ceylon) Ltd
10220100
BECLOMETHASONE DIPROPIONATE DP CAP DP400MG
BECLATE 400 DP
Breathe Free Lanka (Pvt) Ltd
8737439
Nifedipine ER Tab.20mgNIFEDIPINE TABLETS 30MG
ADALAT LA
Hemas Pharmaceuticals (Pvt) Ltd
7500000
Bisoprolol Fumarate Tab. 5mgBISOPROLOL FUMARATE TABLETS USP 5MG
CONCOR
Emerchemie NB (Ceylon) Ltd
3333333
Nicorandil Tab. 10mgNICORANDIL TABLETS BP 10MG
***
Ceyoka (Pvt) Ltd
3333333
Paraffin White SoftWHITE SOFT PARAFFIN CREAM 0.2%
EMODERM
Glaxo Wellcome (Ceylon) Ltd
3333333
Alfacalcidol Cap. 250ngALFACALCIDOL CAPSULES 0.25MCG
ONE ALPHA
Hemas Pharmaceuticals (Pvt) Ltd
2750000
Sodium bicarbonate tablet 600mgSODIUM BICARBONATE TABLETS USP 600MG
RENADIUM
Neon Pharmaceuticals (Pvt) Ltd
2407250
Salmeterol+Fluticasone DPCaps 50/500mcgSALMETEROL 50MCG + FLUTICASONE 500MCG DRY POWDER CAPSULES
FLUTIMATE 500
Emerchemie NB (Ceylon) Ltd
2073251
Metoprolol Tab. 50mgMETOPROLOL INJECTION BP 1MG/ML
XYPROL-T
Ceyoka (Pvt) Ltd
2061845
ParacetamolPARACETAMOL TABLETS 500MG
PANADOL
Smithkline Beecham (Pvt) Ltd
1666667
Codeine/ Paracetamol 8mg/500mgCODEINE PHOSPHATE 8MG+PARACETAMOL TABTETS BP 500MG
VERCOD-P
Leader Pharma Pvt Ltd
1666666
Sodium chloride for IV use 0.9% 500mlSODIUM CHLORIDE INJECTION USP 0.9 %
***
CIC Holdings PLC
1195572
Potassium Chloride Tab. 600mgPOTASSIUM CHLORIDE EXTENDED RELEASE 600MG
ALKAY ER
Kamazu (Pvt) Ltd
833334
Sertraline tablet 50mgSERTRALINE TABLETS 50MG
INOSERT 50
Emar Pharma (Pvt) Ltd
833333
Salmeterol+Fluticasone DP Cap50/250mcgSALMETEROL 50MCG, FLUTICASONE 250MCG POWDER INHALATION
SEROFLO
Breathe Free Lanka (Pvt) Ltd
745855
Levetiracetam Tablet 500 mgLEVETIRACETAM TABLES 500MG
LEVIPIL 500
Emerchemie NB (Ceylon) Ltd
500000
Tamsulosin capsule 0.4 mgTAMSULOSIN HYDROCHLORIDE CAPSULES 0.4MG
BESTFLO
Emerchemie NB (Ceylon) Ltd
500000
Topiramate Tab. 25mgTOPIRAMATE TABLETS 25MG
EPIMATE 25
Edna Medicals (Pvt) Ltd
416666
Vitamin A High dose Cap.VITAMIN A 4000IU & VITAMIN D3 400IU CAPSULES
RECTAL-4
Pharma Associates (Pvt) Ltd
383026
Cefuroxime Tab. 500mgCEFUROXIME TABLETS BP 500MG
KEFROX 500
CIC Holdings PLC
375000
Tacrolimus capsule 1mgTACROLIMUS CAPSULES 1MG
TACGRAF
CIC Holdings PLC
375000
Domperidone 10mg TabsDOMPERIDONE 10MG
VOMETA
A Baur & Co (Pvt) Ltd
333333
Famotidine Tabs 20mgFAMOTIDINE TABLETS USP 20MG
FAMOCID
Emerchemie NB (Ceylon) Ltd
333333
Calcium 500mg+Vitamin D3250IU TabCALCIUM & VITAMIN D3 CHEWABLE TABLES (500MG/400IU)
KALZANA
Hemas Pharmaceuticals (Pvt) Ltd
250000
Azathioprine tablet 50mgAZATHIOPRINE TABLETS BP 50MG
AZORAN 50
Amgen Pharmaceuticals Pvt Ltd
208333
Clobazam tablet 5mgCLOBAZAM TABLETS BP 5MG
VERCLOB
Leader Pharma Pvt Ltd
208333
Furosemide (Frusemide) Inj.20mg/2mlFUROSEMIDE INJECTION BP 20MG/2ML
FRUSEX
Nation Pharma (Pvt) Ltd
208333
Cholecalciferol capsule/tablet1000 IU(25 mcg)(Colecalciferol)CHOLECALCIFEROL SOFT GELATIN CAPSULES 25MCG (1000 D)
*****
Alaris Lanka (Pvt) Ltd
200000
Nifedipine Tablets 20mgNIFEDIPINE TABLETS 30MG
ADALAT LA
Hemas Pharmaceuticals (Pvt) Ltd
200000
Anastrozole tablet 1mgANASTROZOLE TABLETS IMG
ARIMIDEX
Hemas Pharmaceuticals (Pvt) Ltd
166666
Cefuroxime 750 IV vialsCEFUROXIME SODIUM FOR INJECTION BP 750MG VIALS
SEFUR 750MG
Yaden International (Pvt) Ltd
166666
Gentamicin 80mg IV vialsGENTAMICIN INJECTION BP 40MG/ML
GENTAWEL
Lotus Pharmaceuticals (Pvt) Ltd
166666
Ondansetron Tablets 4mgONDANSETRON INJECTION IP 8MG/4ML
PREMESIS
Tabrane Healthcare (Pvt) Ltd
166666
Oxytocin injection 5 I.U. /1ml ampOXYTOCIN INJECTION BP 5IU/ML
***
Ceyoka (Pvt) Ltd
166666
Pyridoxine HCl Tab. 25mgPYRIDOXINE TABLETS BP 25MG
***
Yaden International (Pvt) Ltd
166666
Metronidazole intravenous infusion BP 500mg/100ml
***
***
166666
Ortho-phthaladehydedisin.soln. 0.55%w/vOrtho-Phthaladehyde 0.55%w/v
***
***
125000
Sildenafil Tab. 50mgSILDENAFIL TABLETS 50MG
EROGRA 50
PharmAce (Pvt) Ltd
125000
Epoetin Inj.4000IU PF.SyrERYTHROPOIETIN INJECTION BP 4000IU/0.4ML
REPOITIN FREFILLED
Citihealth Imports (Pvt) Ltd
116666
Griseofulvin Tab. 500mgGRISEOFULVIN TABLETS BP 500MG
GRISEOFRED
George Steuart Health (Pvt) Ltd
108100
Labetalol Tablets 100mgLABETALOL TABLETS BP 100MG
***
Celogen Lanka (Pvt) Ltd
100000
Mefenamic Acid 500mgMEFENAMIC ACID TABLETS BP 500MG
MEFCOR 500
Browns & Company Plc
100000
Metformin Tablets 500mgMETFORMIN TABLETS 500MG
METFORMIN-DENK 500
Akbar Pharmaceuticals (Pvt) Ltd
100000
Misoprostol Tablet 200 microgramsMISOPROSTOL TABLETS IP 200MCG
MISOCLEAR
Population Services Lanka
100000
Norethisterone tablet 5mgNORETHISTERONE TABLETS 5MG
PRIMOLUT-N
Hemas Pharmaceuticals (Pvt) Ltd
100000
Tranexamic Tablets 500mgTRANEXAMIC ACID CAPSULES 500MG
HAEMIC
Ceyoka (Pvt) Ltd
100000

Medicines by country of production

Country of productionCount of records
INDIA
33
SWITZERLAND
17
GERMANY
16
SRI LANKA
11
PAKISTAN
9
BANGLADESH
8
CYPRUS
8
INDONESIA
6
UNITED STATES
6
ARGENTINA
5
Other
1

Importers that can serve these medical needs

CompanyCount of records
A Baur & Co (Pvt) Ltd
16
Ceyoka (Pvt) Ltd
16
ABC Pharma Services Pvt. Ltd
14
Akbar Pharmaceuticals (Pvt) Ltd
13
Hemas Pharmaceuticals (Pvt) Ltd
13
Emerchemie NB (Ceylon) Ltd
11
Emar Pharma (Pvt) Ltd
9
Leader Pharma Pvt Ltd
8
Sunshine Healthcare lanka Ltd
8
Yaden International (Pvt) Ltd
8
Other
4

👥
Watchdog is an open-source research collective. Learn more about us here. Watchdog යනු විවෘත මූලාශ්‍ර පර්යේෂණ සාමූහිකයකි. අපි ගැන තව දැනගන්න. Watchdog ஒரு திறந்த மூல ஆய்வு நிறுவனம். எம்மைப் பற்றிய அறிய